සත්‍ය කතාවක් එක්ක ජැකලීන් මුල් වරට ලංකා සිනමාවට

මීට දශක හතරකට පමණ පෙර 70 දශකයේ අග භාගයේ සිදුවූ ආන්දෝලනාත්මක “මැතිව් පීරිස්” ඝාතන සිද්ධිය ඇසුරෙන් ප්‍රවීණ චිත්‍රපට අධ්‍යක්ෂ චන්ද්‍රන් රත්නම් විසින්  නිර්මාණය කරන ලද According to mathew සිනමා පටය තවත් නොබෝ දිනකින් ප්‍රදර්ශනය ඇරඹීමට නියමිතය. මේ වනවිට බොලිවුඩයේ අතිශය ජනප්‍රිය නිළියක බවට පත්ව සිටින, ශ්‍රී ලාංකේය රූ රැජිණ ජැක්ලීන් ෆර්නැන්ඩස් රඟන ප්‍රථම ලාංකේය සිනමාපටය එය වීම විශේෂත්වයකි.

According to mathew ප්‍රේක්ෂකයන් හමුවට ගෙනඒමට තිබෙන සූදානම මොනවගේද?
ඇත්තම කීවොත් මේ චිත්‍රපටයේ සියලු වැඩකටයුතු නිමවුණේ මීට දින කිහිපයකට පෙරයි. චිත්‍රපටයේ මංගල දර්ශනය පැවැත්වෙන්නේ අප්‍රේල් 7 වැනිදායි. ඉංග්‍රීසි චිත්‍රපටයක් වූවත් ලංකාවේ ප්‍රදර්ශනය සඳහා සිංහල හඬ කැවූ පිටපතක්ද මුදාහැරෙනවා.  ලංකාවේ පමණක් නොවෙයි ලෝකයේ රටවල් රැසක  මෙම චිත්‍රපටය සමගාමීව ප්‍රදර්ශනය කරනවා.

ඔබ මේ චිත්‍රපටයේ ප්‍රධාන නිළිය එනම් මැතිව් පීරිස්ගේ අනියම් බිරිඳ වූ ඩැලරින් ඉන්ග්‍රම්ගේ භූමිකාව සඳහා තෝරා ගන්නේ ජැක්ලින් ෆර්නැන්ඩස්වයි. ඇය සමග වැඩ කිරීම මොන විදිහේ අත්දැකීමක් වුණාද?
ජැක්ලින් බොහොම උනන්දුවෙන් තමන්ගේ චරිතය රඟපෑවා. ඒ වගේම ඇයගෙන් මේ චිත්‍රපටයට විශාල සහයෝගයක් ලැබුණා. මේ වනවිට බොලිවුඩයේ මුල් පෙළේ නිළියන් අතර සිටියත් මීට පෙර තමන්ගේ රටේ චිත්‍රපටයක රඟපා නැති නිසා මේ චිත්‍රපටය ඇයටත් විශේෂයි. මෙහි මැතිව් පීරිස්ගේ චරිතය රඟපාන්නේ ඇල්ස්ටන් කොක්. ඔහු ඕස්ට්‍රේලියාවේ ගායකයෙකු ලෙසත් ප්‍රකටයි. බිම්සරා ප්‍රේමරත්න සහ කියන් ඕගේ‍රඩ් අනෙකුත් ප්‍රධාන චරිතවලට පණ දෙනවා.
මෙය සත්‍ය කතාවක්. ඊට සම්බන්ධ සමහර ප්‍රධාන චරිත තවමත් ජීවතුන් අතර. ඒ නිසා ඔබට මේ ගැන විරෝධතා එල්ල වුණේ නැද්ද?
බොහොම විරෝධතා එල්ල වුණා. නමුත් මම ඒ හැම දෙයකටම සූදානම්. මොකද මම බොරු කතාවක් ගොතලා නැහැ. මේක ලංකාවේ විතරක් නොවෙයි ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණු මිනීමැරුමක්. මම මේ විස්තර සියල්ලක්ම ගත්තේ නඩු වාර්තාවලින්.

චිත්‍රපටයට පදනම් වන ප්‍රධාන භූමිකාව වූ මැතිව් පීරිස් සැබෑ ජීවිතයේදී මුණ ගැසී තිබෙනවාද?
බොහෝ වාරයක් මුණ ගැහිලා තියෙනවා. මම තරුණ කා‍ලේ ඇමෙරිකාවේ ජීවත් වෙන කොටත් වරක් ඔහු මුණ ගැහිලා තියෙනවා. ඒ මීට අවුරුදු විසිපහකට විතර කලින් දවසකයි. මම ජාත්‍යන්තර සිනමා නිර්මාණයක වැඩ කරමින් සිටියා වැලිකඩ බන්ධනාගාරය ඇතුළේ. එක පාරටම කෙනෙක් ඇවිල්ලා  මගේ උරහිසට අත තියල කතා කළා. මාව හඳුනන්න පුළුවන්ද කියලා ඇහුවම මම බොහොම උණුසුම්ව ඔහුව පිළිගත්තා. ඒ තමයි මැතිව් පීරිස්. ඔහුම තමයි මට මුලින්ම යෝජනා කළේ මේ කතාව චිත්‍රපටයකට නගමු කියලා. මම කීප වතාවක්ම ඔහුව මුණ ගැහිලා කතා කළා. නමුත් පසුව ඔහුට ඕනෑ විදියට චිත්‍රපට කරන්න ඔහු උත්සහ කරන බව තේරුම් ගිය නිසා මම ඔහුගෙන් තරමක් ඈත් වුණා.
අවසානයේ ඔහුට මොකද වුණේ?
ඔහු ජීවතුන් අතර නැහැ. 1995දී ඔහුට විශේෂ සමාවක් ලැබුණා. 1998 මැයි 12 දින ඔහු මිය ගියා.

එතකොට ඩැලරීන් ඉන්ග්‍රම් දැන් කොහේද?
ඇය 1986දී කරනු ලැබූ අභියාචනාවකින් අනතුරුව සිරගෙදරින් නිදහස් වුණා. කොළඹට නුදුරු ප්‍රදේශයක ඇය තවමත් ජීවත් වෙනවා.

14 වියැති දැරිය දූෂණයට අනුබල දුන් ලැගුම්හල් හිමියා ‍පොලිස් දැ‍ලේ

බාල වයස්කාර දැරියක් දූෂණය කිරීමට අවස්ථාව ලබාදුන් බව කියන ලැගුම්හල් හිමියෙකු අත්අඩංගුවට ගෙන ඇති හලාවත ‍පොලීසිය එම දැරිවිය දූෂණය කර පලාගොස් ඇති බව කියන සැකකරුව අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර ඇත.
අතවරයට ලක්ව ඇත්තේ ආණමඩුව - දකුණු පාලියාගම පදිංචි වයස අවුරුදු 14යි මාස 06ක් වන දැරිවියකි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හලාවත - පුත්තලම පාරේ පවත්වාගෙන යන ලැඟුම්හලක හිමිකරුවෙකුවය.
 පසුගිය 09 වැනිදා රාත්‍රී 9.00 ත් 10 වැනිදා අලුයම 4.30ත් අතර කාලය තුළ හලාවත - පුත්තලම පාරේ පිහිටි ලැගුම්හලකදී මෙම අපරාධය සිදු වී ඇති බව විමර්ශන කටයුතු සිදු කරන නිලධාරීහු පවසති.
අතවරයට  පත්ව ඇති දැරිවිය ආණමඩුව - දකුණු පාලියාගම පදිංචිව සිටි අයෙකි.ඇයගේ මව්පියන් විසින් තම දියණියව කොළඹ, ඔබේසේකර පුර ප්‍රදේශයේ පදිංචි පවුලකට හදා වඩා ගැනීමට  භාර දී ඇති නමුත්  එම නිවසේ විසීිමට නොහැකි බව පවසමින් දැරිය පසුගිය දිනක ආපසු  තම මව්පියන් සොයා ආණමඩුවට පැමිණ ඇත.
නමුත් තමන්ගේ පවතින ආර්ථික තත්ත්වය නිසා ආපසු ඔබේසේකරපුර නිවසට යන ලෙස මව්පියන් දැරියට පවසා තිබේ. ඒ අනුව පසුගිය 09 වැනිදා ආණමඩුවේ සිට හලාවතට පැමිණ ඇති දැරිය කොළඹ බලා බස් රථයකින් පිටත් වී ඇත.
බස් රථයේ ගමන් කරමින් සිටි අයෙකු ඇයගේ විස්තර විමසා මිතුරු වී ආපසු හලාවත දක්වා කැඳවාගෙන විත් ඇත.
එදින රාත්‍රී 9.00ට පමණ දැරියව ලැගුම් හලට කැඳවාගෙන ගොස් ඇති එම  පුද්ගලයා පසුදින එනම් 10 වැනිදින අලුයම 4.30 වනතුරු එහි ගතකර ඇති බව විමර්ශනවලදී හෙළි වී තිබේ.
 සැකකරු ලැගම්හ‍ලේදී තමාගේ අකමැත්තෙන් සිව්වරක් තමන්ව දූෂණය කළ බව දැරිය ‍පොලීසිය හමුවේ පවසා ඇත.
බාලවයස්කාර දැරියක් හා රැයක් පහන් කිරීමට පුද්ගලයෙකුට අවසර ලබා දීම සහ එම පුද්ගලයාගේ තොරතුරු සන්තකයේ තබා නොගැනීම යන චෝදනා යටතේ ලැගුම්හල් හිමියා අත්අඩංගුවට ගෙන තිබේ. අතවර  කර පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන කටයුතු සිදුකරන බව ‍පොලීසිය කියයි.
අතවරයට පත්ව ඇති දැරිය වෛද්‍යය පරීක්ෂණයක් සඳහා හලාවත මහරෝහලට ඇතුළත් කර ඇත.
හලාවත ‍පොලීසිය වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරයි.

දැරියක පැහැරගෙන ගොස් ලිංගික අතවර


බිරිඳගේ රහස්‍ය ප්‍රදේශය පුච්චලා


මුහුදු කොල්ලකරුවන් පැහැරගත් නැවේ ශ්‍රී ලාංකිකයෝ 8 ක්

ශ්‍රී ලංකා ධජයක් සහිත ඉන්ධන ප්‍රවාහන නෞකාවක් සෝමාලි මුහුදු කොල්ලකරුවන් විසින් පැහැර ගෙන ගොස් තිබෙන අතර එහි කාර්ය මණ්ඩලයේ 8 දෙනකු ශ්‍රී ලාංකිකයන් බව වාර්තාවේ.  මේ සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු ලබා දෙන ලෙසට ආදාල ශ්‍රී ලංකා දූත මණ්ඩල වලට දැන්වු බව විදේශ කටයුතු අමාත්‍යාංශ ප්‍රකාශිකා මහිෂිනි කොළොන්නේ පැවසුවාය.
ශ්‍රී ලංකාවේ කොඩියක් සහිත ඉන්ධන ප්‍රවාහනය කරන නෞකාවක් සොමාලියානු කොල්ලකරුවන් යටතට පත්ව ඇති බව විශ්වාස කරන බව රොයිටර් පුවත් සේවය අද වාර්තා කළේය. ඩුබායි රාජ්‍යයට අයත් Aris 13 නැමති මෙම නෞකාවේ 8 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් ගමන් කර ඇති බව වාර්තා වෙයි.
මෙම නෞකාව අනතුරට පත් වු බවට ඇමතුමක් ලැබී ඇති අතර ඉන් අනතුරුව සෝමාලියානු මුහුදු සීමාව වෙත ළඟා වී ඇති බවට තොරතුරු අනාවරණ වී ති⁣බේ. කෙසේ හෝ මෙම නෞකාව සෝමාලියානු කොල්ලකරුවන් අතර පත්ව තිබේ නම් එය 2012 වසරෙන් පසු සෝමාලියානු කොල්ලකරුවන්ගේ ග්‍රහණයට පත් ප්‍රථම වාණිජ නෞකාව වන බව ද රොයිටර් පුවත් සේවය පවසයි.
නෞකාව පිළිබඳ නිවැරදි තොරතුරක් දැන ගැනීමට මේ වන විට බ්‍රිතාන්‍ය කර්නල්වරයෙක් මුහුදු කොල්ලකරුවන් හා සම්බන්ධ වීමට උත්සහ ගන්නා බව ද රොයිටර් පුවත් සේවය වැඩි දුරටත් කියා සිටියේ ය. ඊයේ (13) දිනය වන විට කුඩා යාත්‍රා දෙකක් පසු පස මෙම නෞකාව ගමන් කර ඇති බව ද විමර්ශන කටයුතුවලදී අනාවරණය වී තිබේ.
මෙම පුවත පිළිබඳ වාර්තා කරන වොයිස් ඔෆ්  ඇමෙරිකා පුවත් සේවය පවසන්නේ මෙම නෞකාව එක්සත් අරාබි එමිර් රාජ්‍යයේ කොඩිය සහිතව ගමන් කර ඇති බවයි

උදාරි ලංකාවෙන් යන්නම යනවාද ?


ගම්පහ ටියුෂන් සිසු සිසුවියන් අතර ලිංගික උප සංස්කෘතියක්

ගම්පහ මහ නගර සභා සීමාව තුළ ඇති ඔසුසල් වලින් පවුල් සැලසුම් උපකරණ සහ ලිංගික උත්තේජන සඳහා වන පෙති වර්ග වැඩිපුර අලෙවි වන බව කලක සිට  තමන්ට දැනගන්නට ලැබුණු බවත් ඒ පිළිබඳව කළ වැඩිදුර විමසීමක දී ඒවා වැඩි වශයෙන් අලෙවි වනුයේ උපකාරක පන්ති සඳහා ගම්පහ නගරයට පැමිණෙන තරුණ සිසු සිසුවියන් හට බව අනාවරණය වූ බවත් ගම්පහ හිටපු නගරාධිපති එරංග සේනානායක මහතා ලක්බිමට කීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශවලින් දිනකට සිසුන් අති විශාල පිරිසක් උපකාරක පන්ති සඳහා පැමිණෙන ගම්පහ නගරය මුල් කොට ලිංගිකත්වය පදනම්කොටගත් උප සංස්කෘතියක් ගොඩ නැගී ඇති බවට ද තමන් හමුවේ කරුණු ඉදිරිපත් වී ඇති බව සේනානායක මහතා කියයි.
“ මේ ලිංගික උප සංස්කෘතියට නතු වෙලා තියෙන්නේ ගම්පහ නගර සභා සීමාවේ තරුණ තරුණියන් සියයට දශම ගණනක් වෙන්න පුළුවන්; මොකද ගම්පහ ටියුෂන් වලට මාතර, හම්බන්තොට, අනුරධපුර, පොළොන්නරුව වගේ දුර පළාත් වල සිසු සිසුවියන් පවා එනවා; නමුත් ඒ දරුවන් ඉගෙන ගැනීමේ මුවාවෙන් කරන මේවගේ ක්‍රියාකාරකම් ගැන හුඟක් දෙමව්පියෝ සංවේදී නැහැ. උදේ පාන්දර ගෙදරින් පිටත්වෙලා රෑ දහයට එකොළහට ගෙදර එන දරුවන්ගෙන් සමහර දෙමව්පියෝ අහන්නේ “දැන්ද ආවේ?” කියලා විතරයි; උදේ ගෙදරින් පිටත් වුණු වෙලාවේ ඉඳලා, ගෙදරට එන කම් ගියේ කොහෙද? කළේ මොනවද? කියලා විමසලා බලන දෙමව්පියෝ හුඟක් අඩුයි.
මේ අතර ගම්පහ නගර සීමාව තුළ සහ ඉන් බැහැරට ඇති ලැඟුම්හල් රාශියක ද මෙම තරුණ තරුණියන් සඳහා නවාතැන් පහසුව සලසන බව කී හිටපු නගරාධිපතිවරයා ඇතැම් ස්ථානවල ඔවුන් සඳහා විශේෂ පැකේජයක් ක්‍රියාත්මක වන බව ද දැනගන්නට ඇතැයි කීය.
“මම නගරාධිපතිවරයා හැටියට කටයුතු කරන කාලේ නගර සභාවේ බලපත්‍ර ලබාදුන්නේ එකම එක ලැඟුම් හලකට විතරයි; ඒකත් සංචාරක මණ්ඩලයේ අවසර හිමිකරගත්තු එකක්; නමුත් ඊට කලින් කිසිම වග විභාගයකින් තොරව බලපත්‍ර ලබාදීපු ලැඟුම් හල් රාශියක් මේ ගම්පහ නගරය අවට තිබෙනවා. හිටපු නගරාධිපතිවරයා කීය.
“ඊට අමතරව මේ විදිහට ටියුෂන් පන්ති වලට  එන තරුණ තරුණියන්ට කාමර පහසුකම් සැපයීම සඳහා යොදා ගන්නා කිසිම නීත්‍යානුකූල පදනමක් නැති ස්ථාන ගණනාවක්ම මේ අවට පවතින බව අපට දැන ගන්නට ලැබී තිබෙනවා. ඔවුන් මේ ස්ථානවලට තරුණ ජෝඩු කැඳවා ගන්නේ ඇතැම් ත්‍රිරෝද රථ රියදුරන්ගේ උපකාරයෙන් බවත් දැනගන්නට තිබෙනවා; හිටපු නගරාධිපති වරයා කීය.
(මේ සම්බන්ධ තවත් සවිස්තරාත්මක තොරතුරු ඉදිරියේ දී බලාපොරොත්තු වන්න.)

රැජින වෙඩි පහරකින් 99 න් බේරෙයි

එංගලන්තයේ එළිසබෙත් මහරැජිනට සිය ආරක්ෂකයෙකු වෙඩි තැබීමට ගත් ප්‍රයත්නයකින් අනූ නමයෙන් දිවි ගලවාගෙන ඇත. බකිංහැම් මාලිගයට අයත් උද්‍යානයක අළුයම 03.00ට පමණ සැරසරමින් සිටියදී ඇයට වෙඩි තැබීමට සූදානම් වී ඇත්තේ වැරදි අවබෝධයක් නිසා බව ආරක්ෂකබටයා පවසයි. උද්‍යානයේ ගමන් කළේ රැජින බව තමන් නොදන්නා බවත් අඳුරේ සැරිසරන පුද්ගලයෙකු දුටු නිසා ඔහු කවුදැන් උස් හඬින් විමසූ බවත් එයට ප්‍රතිචාර නොලැබූ බැවින් වෙඩි තැබීමට සූදානම් වූ බවත් පසුව ආරක්ෂකයා විසින් රැජින හමුවේ පවසා ඇත.